ජනපති රනිල් උතුරේ සංවර්ධනය තහවුරු කරනු ඇති බව මාවෙයි කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර, දෙමළ ජනතාවගේ ගැටලු විසඳා උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා පවසනවා.

ඊයේ (07) පස්වරුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකයා මේ බව සඳහන් කළා.

එළඹෙන ජනාධිපතිවරණයේ දී මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වන ජනාධිපති රනිල් වික්‍රමසිංහට දීර්ඝ කාලයක් පුරා විසඳුම් නොලැබුණු උතුරේ දෙමළ ජනතාවගේ ගැටලුව විසඳීමට මහඟු වගකීමක් පැවරි ඇති බව ද ඔහු එහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම යුද්ධයෙන් විනාශයට පත් දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශ යළි සංවර්ධනය කරමින් එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව මාවෙයි සේනාධිරාජා සඳහන් කළේ.

යාපනයේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා”ජන රැළි දෙකකට සහභාගී වූ ජනාධිපතිවරයා කන්කසන්තුරේ පිහිටි මාවෙයි සේනාධිරාජාගේ නිවසට පැමිණ ඔහු සමඟ සාකච්ඡාවකට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
7
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32