නවීනතම මෝටර් රථවල ඉදිරි පස ලාම්පු ගැල වූ දෙදෙනෙක් පොලිසියට කොටු වෙයි

නිවෙස්වල නවතා තිබූ ඇති නවීනතම මෝටර් රථවල ඉදිරි පස ප්‍රධාන ලාම්පු ( Head Light ), රාත්‍රී කාලයේ ගලවා ගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (05) දින කටුනායක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබී ඔවුන් අලෙවි කළ රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා ප්‍රධාන විදුලි ලාම්පු තොගයක් ද කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය භාරයට ගැණුනා

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු කළක් මෝටර් රථ ගරාජයක සේවය කළ මෝටර් රථ කාර්මිකයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

අනෙක් පුද්ගලයා කිරිල්ලවල, වෑබඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙක්.

පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා කටාන, කොච්චිකඩේ, කටුනායක, ගනේමුල්ල සහ පෑලියගොඩ යන ප්‍රදේශවල නිවෙස් හි නවතා ඇති නවීනතම මෝටර් රථ ගරාජ වෙත ගොස් ඒවායේ ඉදිරි පස ප්‍රධාන ලාම්පු පමණක් ගලවා පංචිකාවත්ත ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැල් වෙත අලෙවි කිරීම සිදුකර ගෙන ගොස් ඇති බවයි.

කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරක් මත කටුනායක 18 කණුව ප්‍රදේශයේ මොවුන් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් තුළින් මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොවුන් සන්තකයෙහි අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 3,100 ක් පමණ ප්‍රමාණයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබූ අතර මොවුන් මීට පෙර අවස්ථාවල දී මේ ආකාරයට නවීනතම මෝටර් රථවල ප්‍රධාන විදුලි ලාම්පු ගලවා අධිකරණය මගින් වැරදිකරු වූ පුද්ගලයන් බව කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අනාවරණය කරගෙන තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක පොලිසිය විසින් සිදුකරන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා, සොරකමට යොදා ගත් ත්‍රිරෝද රථය සහ පොලිස් භාරයට ගත් ප්‍රධාන විදුලි ලාම්පු තොගය අද (06) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43
Video thumbnail
හබරකඩ බරකොකු තෛල සත්කාරය රැගෙන හබරකඩ ඔසු අධ්‍යක්ෂවරයා ජපානයාට යයි
02:04
Video thumbnail
දෙල්ගොඩ බිහිසුණු අනතුර CCTV කැමරාවේ - මවයි පුංචි දියණියයි එළොව යයි
01:19
Video thumbnail
චාමරට පාර්ලිමේන්තුවේ යකා නගියි - සරණාගතයෝ 7000ක් ලංකාවට පටවන්න යන්නේ
02:41
Video thumbnail
ගල් බෝතලයක් රු.3700ක් වෙනවා..මිනිස්සු මොනවද බොන්නේ..දයාසිරි නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
03:18
Video thumbnail
චාමර හොඳට අමතද්දි ජනපති අනුර පාර්ලිමේන්තුවට එයි - හිනාවත් දාගෙන බලාගෙන ඉන්න හැටි
03:10
Video thumbnail
ශ්‍රී පාද සංචාරයේ ආ මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ අනතුර
01:06