තැපැල් ඡන්ද සලකුණු කිරීම අද තුන්වන දිනටත්

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම තුන්වන දිනටත් අද (06) සිදු කෙරෙනවා.

ඒ, අනුව අද (06) දිනයේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලවලට ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා.

ඊයේ (05) දිනයේ දී ද මෙම අංශ සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබාදී තිබූ අතර, ඊයේ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පොලිස් නිලධාරීන් සදහා අද දිනයේ ද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අවස්ථාව ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු පසුගිය 04 වනදා ආරම්භ වූ අතර, ඒ අනුව 04,05 සහ 06 යන දින තුන තැපැල් ඡන්දය වෙනුවෙන් වෙන්කර තිබෙනවා.

කිසියම් හේතුවක් මත මෙම දින තුන තුළ දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකෙකුට ලබන 11 සහ 12 යන දෙදින ද ඒ සඳහා වෙන්කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය.

ඒ, අනුව තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී එම දින දෙකේ දී තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව සැලසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14