වන රක්ෂිතයක් එළි පෙහෙලි කළ නරුමයෝට වැඩ වරදිති

යාපනය – ඉලුප්පුකඩුවායි අඩම්පන් අධිරක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී ස්වාභාවික පරිසරය වනසමින් අක්කර 05 ක පමණ භූමි ප්‍රමාණයක ගස්වැල් කපා වනසමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (04) පස්වරුවේ විශේෂ කාර්ය බලකාය ඉලුප්පුකඩවායි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අඩම්පන් රක්ෂිත ප්‍රදේශයේදීයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

වැටලීම සිදු කරන අවස්ථාවේදීත් ස්වාභාවික පරිසරය වනසමින් අනවසරයෙන් අඩම්පන් රක්ෂිතයට ඇතුළුවී පරිසරයට දැඩි හානි ගෙනදෙමින් එහි ජෛව විවිධත්වයට ද බලපෑම් ඇති වන සේ JCB යන්ත්‍රයක් සහ ට්‍රැක්ටර් රථයක් යොදා ගනිමින් අක්කර 05ක පමණ භූමි ප්‍රමාණයක කපා එළි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු මෙලෙස අත් අඩංගුවට ගැනුණා.

සැකකරුවන් කුඹුක්වැව හා කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33, 66 පසුවන පුද්ගලයින් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අඩම්පන් අඩවිවන කාර්යාලය මගින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී සෙනෙවිරත්න, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:11
Video thumbnail
හිටපු පොලිස්පතිට ශෝකය පලකළ ශ්‍රී ලංකා පොලිසියේ දෙවැනියා...
01:22
Video thumbnail
චමල් රාජපක්ෂ තනියෙන්ම හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:21
Video thumbnail
මේ ඉන්නේ ගප්පි, ඩෙංගු නෑ මේකේ - බන්දුල ගප්පි ගෙනත් දායි
02:26
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29