09 වැනි විධායකය තේරීමේ තැපැල් ඡන්දය අදින් ඇරඹෙයි

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් (04) ඇරඹෙනවා.

ජුලි මස 26 වැනි දින පෙරවරුවේ දී මැතිවරණ කොමිෂන් සභාව විසින් 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ක්‍රමවේදය වෙනුවෙන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරුණා.

එදා සිට අගෝස්තු මස 14 වැනි දින දහවල් 12 තෙක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කෙරුණු අතර ඉන් පසුව සිදු කෙරුණේ මැතිවරණ කොමිෂන් සභාවේ සහ මැතිවරණ ලේකම් කාර්‍යාලයේ මගපෙන්වීම යටතේ නාම යෝජනා භාර ගැනීමයි.

ඒ අනුව මේ වනවිට මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 38 දෙනෙකු ඉදිරිපත් ව සිටිනවා.

නාම යෝජනා භාර ගැනීම අවසන් වනවිට අපේක්ෂකයින් 39 දෙනෙකු සිටිය ද එක් ජනාධිපති අපේක්ෂකයෙකු හදිසියේ මියයාමත් සමග එය මේ වනවිට 38ක් දක්වා පහත වැටී තිබෙනවා.

අදින් ඇරඹෙන තැපැල් ඡන්ද සලකුණු කිරීම් දින තුනක් පුරාවට පැවැත්වෙන අතර, අද, හෙට (05) සහ අනිද්දා (06) යන දිනයන්හි දී එය පැවැත්වෙනු ඇති.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ දිවයිනේ සියලුම තැපැල් ස්ථාන සිය රාජකාරි කටයුතු සිදු කරමින් ඇති බවත්; ඊයේ දිනය වන විට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පත්‍රිකා තැපැල් ඡන්ද හිමියන්ගේ නිවෙස් වෙත ලැබීමට සැලැස්වූ බවයි.

තැපැල් ඡන්දය භාවිත කිරීමට ජාතික හැඳුනුම්පත අනිවාර්‍යය වන අතර; කුමන හෝ හේතුවක් මත තමන් වෙත තැපැල් ඡන්ද පත්‍රිකාව ලැබී නොමැති නම්; ආසන්නයේ ඇති තැපැල් ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්ද නාම ලේඛනයේ නම සඳහන් වන්නේ නම් ඡන්දය භාවිත කිරීම ගැටලුවක් නොවන බවයි පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මීට අමතරව මෙම දින තුන තුළ තැපැල් ඡන්දය භාවිත කළ නොහැකි වූවන් හට සැප්තැම්බර් මස 11 හා 12 යන දෙදින ද ඒ සඳහා වෙන් කර තිබෙනවා.

නමුත් එම දිනවල දී තැපැල් ඡන්දය භාවිත කිරීමට නම් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල වෙත යාමට සිදු වන බවයි වාර්තා වන්නේ.

මේ අතර තැපැල් ඡන්ද කටයුතුවල ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරින් 55000ක් රාජකාරියේ නිරත වන බව ද ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58