කතරගම දේවාලයේ පුද පඬුරුවලින් හැදුණු අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මගින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද දින (03) පෙරවරුවේ යෙදී තිබූ සුබ මොහොතින් විවෘත කෙරුණා.

ගුවන් හමුදාපති එයා මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා නියෝජනය කරමින් එහි උසස් නිලධාරීන් පිරිසක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර,රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමන් ඩිශාන් ගුනසේකර ඇතුළු ගුවන් හමුදාවේ සහ අපේක්ෂා රෝහලේ නිලධාරීන් මීට එක් ව සිටියා.

මාස දහයක කාලයකින් මෙහි ඉදිකිරීම් නිම කර ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ”හුස්ම ව්‍යාපෘතිය” යටතේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙය ඉදිකිරීම ද විශේෂත්වයක්.

මෙම වාට්ටු සංකීර්ණය සඳහා වියදම් වී ඇති මුදල දළ වශයෙන් රුපියල් මිලියන 160ක් බවයි පැවසෙන්නේ.

තවත් මිලියන පනහක මුදලක් මෙහි ගෘහ භාණ්ඩ ඇතුළු උපකරණ සඳහා වියදම් වී ඇති බව ද වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගයෙන් පීඩා විඳින්නා වූ ළමා රෝගීන් සඳහා ප්‍රතිකාර ලැබිය හැකි ලෙස අංග සම්පූර්ණව මහල් 4කින් සමන්විතව ඉදිකර ඇති මෙම වාට්ටු සංකීර්ණයේ නේවාසික ප්‍රතිකාර ලබා ගත හැකි රෝගී ළමුන් ගණන 70ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?