කතරගම දේවාලයේ පුද පඬුරුවලින් හැදුණු අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මගින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද දින (03) පෙරවරුවේ යෙදී තිබූ සුබ මොහොතින් විවෘත කෙරුණා.

ගුවන් හමුදාපති එයා මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා නියෝජනය කරමින් එහි උසස් නිලධාරීන් පිරිසක් ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර,රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමන් ඩිශාන් ගුනසේකර ඇතුළු ගුවන් හමුදාවේ සහ අපේක්ෂා රෝහලේ නිලධාරීන් මීට එක් ව සිටියා.

මාස දහයක කාලයකින් මෙහි ඉදිකිරීම් නිම කර ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ”හුස්ම ව්‍යාපෘතිය” යටතේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙය ඉදිකිරීම ද විශේෂත්වයක්.

මෙම වාට්ටු සංකීර්ණය සඳහා වියදම් වී ඇති මුදල දළ වශයෙන් රුපියල් මිලියන 160ක් බවයි පැවසෙන්නේ.

තවත් මිලියන පනහක මුදලක් මෙහි ගෘහ භාණ්ඩ ඇතුළු උපකරණ සඳහා වියදම් වී ඇති බව ද වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගයෙන් පීඩා විඳින්නා වූ ළමා රෝගීන් සඳහා ප්‍රතිකාර ලැබිය හැකි ලෙස අංග සම්පූර්ණව මහල් 4කින් සමන්විතව ඉදිකර ඇති මෙම වාට්ටු සංකීර්ණයේ නේවාසික ප්‍රතිකාර ලබා ගත හැකි රෝගී ළමුන් ගණන 70ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14