අධිකරණයේ නඩු භාණ්ඩ පුද්ගලිකව පරීක්ෂා කිරීමට මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සැරසෙයි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හෙරොයින් කිලෝ 12ක් අස්ථාන ගත වීම හේතු ⁣කොට ගෙන අධිකරණයේ ඇති සියලුම නඩු ⁣ගොනු සහ ඊට අදාළ නඩු භාණ්ඩ පුද්ගලිකව පරීක්ෂා කරන බව ⁣කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අධිකරණ නිලධාරීන් දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව සියලුම මත්ද්‍රව්‍ය, විදේශීය මත්පැන්, රත්තරන් ඇතුළු සියලුම නඩු භාණ්ඩ අද (03) සිට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ පුද්ගලික මැදිහත් විමෙන් පරීක්ෂා කිරීමට නියමිතයි.

එමෙන්ම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා යටතේ ඇති අනෙකුත් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණවල ද ඉදිරි දිනවල දී මෙලෙස නඩු භාණ්ඩ නඩු ගොනු පරීක්ෂා කරන බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පළමු පියවර ලෙස ඊයේ නඩු භාණ්ඩවලට අදාළ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස ද රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා.

ඒ, අනුව ඉදිරි දින කිහිපය තුළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38