තැපැල් ඡන්ද ගැටලු දැනුම්දෙන්න විශේෂ දූරකථන අංකයක්

2024 ජනාධිපතිවරණයට අදාළ ව සැප්තැම්බර් මස 04,05 හා 06 යන තෙදින පැවැත්වීමට නියමිත තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ක්‍රියාවලියේ තමන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් දැනුම්දීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විශේෂ දූරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී සඳහන් කළේ; යම් පුද්ගලයෙකුට තැපැල් ඡන්ද පත්‍රිකාවක් නොලැබුණහොත්; වහාම එම ප්‍රදේශයේ තැපැල් ස්ථානාධිපතිවරයා හමු විය යුතු බවයි.

එමෙන්ම ප්‍රධාන තැපැල් කාර්යාලයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1950 න් ද සිය තැපැල් ඡන්ද පැමිණිලි හා අර්බුද සම්බන්ධයෙන් සිදු කළ හැකි බව ද නියෝජ්‍ය තැපැල්වතිවරයා පැවසුවා.

නැතහොත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන slpost.gov.lk වෙත පිවිසීමෙන් ද සිය ගැටලු නිරාකරණය ගත හැකියි.

එමෙන්ම කිසියම් තැපැල් ඡන්ද පත්‍රිකා හෝ වෙන යම් මැතිවරණ ගැටලුවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය තැපැල්වතිවරයා වශයෙන් කටයුතු කරන තම දූරකථනයට හෝ ඇමතුම් ලබා ගත හැකි බවත් ( 076-12 0000 – නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ) හෙතෙම අද පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර 2024 ජනාධිපතිවරණයට අදාළ ව නිල ඡන්ද පත්‍රිකා දැන්වීම් ඒ ඒ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලවලින් තේරීම් භාර නිලධාරීන් අද දිනයේ දී ලබා ගැනීමේ කටයුතු සිදු කර,ඒවා ප්‍රදේශීය තැපැල් අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවත්, අද දවස තුළ මෙම සියලු භාරගැනීම් කටයුතු අවසන් කරන බවත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා සඳහන් කළේ; දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල 22ක් තුළ දී නිල ඡන්ද පත්‍රිකා භාර ගැනීම් කටයුතු සිදු කරන අතර; මේ වනවිටත් එම ඡන්ද පත්‍රිකා ගමනාන්ත තැපැල් ස්ථාන වෙත භාරදීම සිදු කෙරෙමින් පවතින බවයි.

රත්නපුර දිස්ත්‍රික්කය, නුවරඑළිය දිස්ත්‍රික්කවල ද, අනෙකුත් තදාසන්න ප්‍රදේශවල ද, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරගෙන ගමනාන්ත තැපැල් කාර්යාලය වෙත භාරදීම් කටයුතු සිදුවෙන බවට තමන්ට තොරතුරු වාර්තා වන බව ද නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවා.

මේ සියලු කටයුතු අද අවසන් කර හෙට (03) දවසේ සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදීමේ කටයුතු ආරම්භ කරන බවත්; මේ සඳහා ලිපි බෙදීම් කාර්ය මණ්ඩලය 8000ක් යොදවා ගැනීමට බලාපොරොත්තු වන බව ද නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43