AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති අපේක්ෂකයින්ගේ විවාදය 07 වනදා – රනිල් සහ අනුරගෙන් තවමත් ප්‍රතිචාරයක් නැහැ (වීඩියෝ)

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සහභාගීකර ගනිමින් පැවැත්වෙන විවාදය එළඹෙන 07 වනදා පස්වරු 3.00ට ආරම්භ වන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අද (02) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ අපේක්ෂකයින් 16 දෙනෙක් විවාදය සඳහා මේ වනවිට කැමැත්ත පළකර ඇති බවයි.

එමෙන්ම පළමු විවාදය සඳහා අපේක්ෂකයින් හතර දෙනෙක් පැමිණෙන බවට තහවුරු කර ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අතර මෙම විවාදය සඳහා ස්වාධින අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේකෂක අනුර කුමාර දිසානායක සහභාගී වනවා ද නැද්ද යන්න පිළිබඳව තවමත් දැනුම්දීමක් සිදුනොකර ඇති බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර විවාදයේ දී අපේකෂකයින් වෙනුවෙන් ඉදිරිපත් කළයුතු ප්‍රශ්න 072 4824 460 අංකය හරහා ජනතාවට ලබාදීමේ හැකියාව ද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?