ජනාධිපති අපේක්ෂකයින්ගේ විවාදය 07 වනදා – රනිල් සහ අනුරගෙන් තවමත් ප්‍රතිචාරයක් නැහැ (වීඩියෝ)

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සහභාගීකර ගනිමින් පැවැත්වෙන විවාදය එළඹෙන 07 වනදා පස්වරු 3.00ට ආරම්භ වන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අද (02) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ අපේක්ෂකයින් 16 දෙනෙක් විවාදය සඳහා මේ වනවිට කැමැත්ත පළකර ඇති බවයි.

එමෙන්ම පළමු විවාදය සඳහා අපේක්ෂකයින් හතර දෙනෙක් පැමිණෙන බවට තහවුරු කර ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අතර මෙම විවාදය සඳහා ස්වාධින අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේකෂක අනුර කුමාර දිසානායක සහභාගී වනවා ද නැද්ද යන්න පිළිබඳව තවමත් දැනුම්දීමක් සිදුනොකර ඇති බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර විවාදයේ දී අපේකෂකයින් වෙනුවෙන් ඉදිරිපත් කළයුතු ප්‍රශ්න 072 4824 460 අංකය හරහා ජනතාවට ලබාදීමේ හැකියාව ද පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39