සැලුන් එකෙන් ගාපු ද්‍රව්‍යයන් නිසා සාදයකට යන්න ආපු කාන්තාවගේ කොන්ඩේ ගැලවිලා

සාදයකට සහභාගීවීම සඳහා හිස කෙස් සකසා ගැනීමට ගිය කාන්තාවකට හිසේ ගැල්වූ ද්‍රව්‍යයන් ආසාත්මික වීම හේතුවෙන් සිය හිස කෙස් සියල්ල ගැල වී ගිය පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

හිස කෙස් ගැලවී යාමේ බරපතළ තත්ත්වයක් ඇති වීම හේතුවෙන් අදාළ කාන්තාව මේ වන විට ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මිනුවන්ගොඩ, බොරගොඩ වත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක කාන්තාවක් මෙම සිදුවීමට මුහුණ දී ඇති බව සඳහන්.

මෙම කාන්තාව සාදයකට සහභාගී වීම සඳහා හිස කෙස් සකසා ගැනීමට මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් වෙත ගොස් තිබෙනවා.

එහි දී ඇයගේ කොණ්ඩය සැකසීම සඳහා හිස ගල්වන ද්‍රව්‍යයන් කිහිපයක්ම ගැල්වීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආලේපන යෙදීම හේතුවෙන් කාන්තාවගේ හිසේ දැඩි දැවිල්ලක් දැනීමට පටන් ගෙන ඇති අතර, ඒ පිළිබඳව එහි සිටි සේවිකාවන්ට පවසා තිබෙනවා.

එහිදී රූපලාවන්‍යාගාර සේවිකාවන් විසින් අදාළ කාන්තාවගේ හිස සෝදා පිස දැමීමට කටයුතු කර ඇති අතර, පැවති අධික අපහසුතාවය නිසා එම කාන්තාව හිස පිරිමැදීමට පටන් ගෙන ඇති අතර එහිදී ඇයගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම ගැලවී අතට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම කාන්තාව පවසා ඇත්තේ කොණ්ඩය සැකසීම සඳහා රුපියල් පහළොස්දහසක මුදලක් ද රූපලාවන්‍යාගාරයෙන් ලබාගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44