ගංජා නීතිගත කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට ඩොනල්ඩ් ට්‍රම්ප් සැරසෙයි

තමා උපන් ජනපදය වන ෆ්ලොරිඩා ජනපදයේ විනෝදාස්වාදය සඳහා ගංජා නීතිගත කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයට ඇමෙරිකානු ජනපති ධුර අපේක්‍ෂක හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහය පළකර තිබෙනවා.

ඒ අනුව ලබන නොවැම්බරයේ සිට බලාත්මක වීමට යෝජිත ෆ්ලොරිඩා ජනපදයේ ව්‍යවස්ථා සංශෝධනයත් සමග අවුරුදු 21 ඉක්ම වූ පුද්ගයින්ට තම පුද්ගලික අවශ්‍යතාවය මත කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව ගංජා ලබා ගත හැකියි.

අමෙරිකාවේ බොහෝ ජනපදවල ගංජා නීත්‍යානුකූලව පවතින විට ෆ්ලොරීඩාවේ ගංජා ළඟ තබාගත් පුද්ගලයෙකු අපරාධකරුවෙකු සේ නොසැලකිය යුතු බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරන්නේ.

ඔවුන් සතුව පුද්ගලික ගංජා සුළු ප්‍රමාණයක් ළඟ තබා ගැනීමේ හේතුව මත නිරපරාදේ අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ජීවිත විනාශ කිරීමට
තමන් යටතේ පවතින රජයක් සුදානම් නැති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

යෝජිත සංශෝධනය යටතේ ස්වාධීනව ගංජා වගා කිරීම තවදුරත් නීති විරෝධී නොවන ඕනෑම පුද්ගලයෙකුට ගංජා අවුන්ස 03 ක් දක්වා ළඟ තම ගැනීමට නීතියෙන් අවසරය හිමි වනවා.

ට්‍රම්ප් සිය පුද්ගලික සමාජ මාධ්‍යයක සටහනක් දක්වමින් කියා සිටින්නේ, “අපි යන සෑම තැනකම ගංජා සුවඳ දැනීම නැති කිරීම සඳහා පොදු ස්ථානවල ගංජා භාවිතය තහනම් කරන රෙගුලාසි ක්‍රියාත්මක කරන ලෙස තම ජනපදයේ නීති සම්පාදකයින්ගෙන් ඉල්ලීමක් කරන බවයි”.

දැනටමත් ජනපද 50 කින් සමන්විත ඇමෙරිකාවේ ජනපද 24 ක විනෝදාස්වාදය වෙනුවෙන් ගංජා භාවිතය හා ළඟ තබා ගැනීමට නීතියෙන් අවසර හිමිව තිබෙනවා.

තවත් ජනපද 14ක් වෛද්‍යමය අවශ්‍යතා සඳහා ගංජා ළඟ තබා ගැනීම හා භාවිතයට නීතියෙන් ඉඩ ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02