කුඩ්ඩාගේ ගෙදර අයිස් ගැසූ කොස්තාපල්වරු තිදෙනාගේ වැඩ තහනම්

මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහිව සිටි පුද්ගලයෙකුගේ නිවසේ රාත්‍රී කාලයේ රැඳී සිටිය දී වැලිපැන්න පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන්ගේ වැඩ තහනමට ලක් කළ බව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මතුගම පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක්.

සැකකටයුතු පුද්ගලයන් කිහිපදෙනෙකු වැලිපැන්න, කෝපිවත්ත, අරලිය උයන, නිවසක රැඳී සිටින බවට වැලිපැන්න පොලිසියේ රාත්‍රී ජංගම සංචාරයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම නිලධාරීන් තිදෙනා සහ නිවෙස් හිමිකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

එම පිරිස පොලිසියට රැගෙන විත් සිදුකළ පරික්ෂාවේ දී අත්අඩංගුවට ගත් නිවෙස් හිමියා යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු වන අතර, ඔහු ඉකුත් දිනවල වැලිපැන්න පොලිසිය මගින් සිදුකළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැයිවූවන් පුනරුත්ථාපන කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක සුවසාර කැදැල්ල සඳහා යොමුකළ පුද්ගලයකු බවට අනාවරණය වී තිබෙනවා.

දින 14ක කාලයක් එහි පුනරුත්ථාපනය යොමුකර තිබූ එම සැකකරු දින හතක් පමණක් ගතකර එම ස්ථානයෙන් පළාවිත් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සෙසු සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමේ දී ඔවුන් තිදෙනාම මතුගම පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් බවට අනාවරණය වූ බවත්, ඔවුන්ගේ ද ශරීරය පුරා පච්ච කොටා තිබූ බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරුන් තිදෙනා කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂණයකට ලක් කර ඇති අතර, ඔවුන් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වී තිබෙනවා.

එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් ආධුනික පොලිස් කොස්තාපල්වරුන් තිදෙනාගේ වැඩ තහනමට ලක් කිරීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේනගේ නියෝග මත කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර විසින් පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47