තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 95%ක් අවසන්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 95% කින් පමණ අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

හමුදා කඳවුරු වෙත බෙදාහැරීමට නියමිත තැපැල් ඡන්ද පත්‍රිකා කොටසක් පමණක් තවමත් ඉතිරිව ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එලෙස ඉතිරි වී ඇති තැපැල් ඡන්ද පත්‍රිකාහෙට (02) දිනයේ දී බෙදාහැරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ලබන 04,05 හා 06 යන දිනවල සිදුකිරීමට නියමිතව ඇති අතර, එම දිනවල තැපැල් ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකයින්ට අමතර දිනයන් ලෙස 11 සහ 12 යන දින දෙක වෙන්කර තිබෙනවා.

මෙවර මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 712,318ක්.

මේ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල නිලධාරීන්ට ලබන 04 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඊට අමතරව පොලිස් ස්ථාන, ත්‍රිවිධ හමුදා කඳවුරු, විශේෂ කාර්ය බළකාය සහ සෙසු රාජ්‍ය ආයතන සේවකයන් 05 සහ 06 දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සැලසෙනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23