තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 95%ක් අවසන්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 95% කින් පමණ අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

හමුදා කඳවුරු වෙත බෙදාහැරීමට නියමිත තැපැල් ඡන්ද පත්‍රිකා කොටසක් පමණක් තවමත් ඉතිරිව ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එලෙස ඉතිරි වී ඇති තැපැල් ඡන්ද පත්‍රිකාහෙට (02) දිනයේ දී බෙදාහැරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ලබන 04,05 හා 06 යන දිනවල සිදුකිරීමට නියමිතව ඇති අතර, එම දිනවල තැපැල් ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකයින්ට අමතර දිනයන් ලෙස 11 සහ 12 යන දින දෙක වෙන්කර තිබෙනවා.

මෙවර මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 712,318ක්.

මේ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල නිලධාරීන්ට ලබන 04 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඊට අමතරව පොලිස් ස්ථාන, ත්‍රිවිධ හමුදා කඳවුරු, විශේෂ කාර්ය බළකාය සහ සෙසු රාජ්‍ය ආයතන සේවකයන් 05 සහ 06 දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සැලසෙනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?