AFC Banner
Empty Ad
Empty Ad

විදුලි කණුවක ගැටී එක් දරු පියෙක් ජීවිතක්ෂයට

ඉප⁣ලෝගම ⁣පොලිස් වසමේ‍, මහ මීගස්සෑගම ප්‍රදේශයේ දී යතුරුපැදියක් විදුලි කණුවක ගැටී සිදු වූ අනතුරකින් 31 හැවිරිදි යුද හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 522 පාබල බලසේනා මූලස්ථානයේ යාපනය ප්‍රදේශයේ සේවයේ නියතු තිළිණ මධුසංඛ දිසානායක නැමැත්තෙක්.

මහඉලුප්පල්ලම‍, කැලේදිවුල්වැව‍, ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙක් වන මොහු ඊයේ (29) දින විශේෂ නිවාඩු ලබා පැමිණ හෙට (31) දින සේවයට වාර්තා කිරීමට නියමිතව තිබුණා.

ඔහු කැකිරාව එප්පාවල මාර්ගයේ කැකිරාව දෙස සිට මහඉලුප්පල්ම දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී එහි වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගය අසල තිබූ විදුලි කණුවක ගැටී බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් ඔහු එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

රෝහල් ප්‍රකාශකයකු පවසන්නේ, හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?