විදුලි කණුවක ගැටී එක් දරු පියෙක් ජීවිතක්ෂයට

ඉප⁣ලෝගම ⁣පොලිස් වසමේ‍, මහ මීගස්සෑගම ප්‍රදේශයේ දී යතුරුපැදියක් විදුලි කණුවක ගැටී සිදු වූ අනතුරකින් 31 හැවිරිදි යුද හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 522 පාබල බලසේනා මූලස්ථානයේ යාපනය ප්‍රදේශයේ සේවයේ නියතු තිළිණ මධුසංඛ දිසානායක නැමැත්තෙක්.

මහඉලුප්පල්ලම‍, කැලේදිවුල්වැව‍, ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙක් වන මොහු ඊයේ (29) දින විශේෂ නිවාඩු ලබා පැමිණ හෙට (31) දින සේවයට වාර්තා කිරීමට නියමිතව තිබුණා.

ඔහු කැකිරාව එප්පාවල මාර්ගයේ කැකිරාව දෙස සිට මහඉලුප්පල්ම දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී එහි වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගය අසල තිබූ විදුලි කණුවක ගැටී බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් ඔහු එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

රෝහල් ප්‍රකාශකයකු පවසන්නේ, හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40