රනිල්ගෙන් රට ගැලවුණොත් ආයෙ ගොඩඒමක් නෑ – මන්ත්‍රී දුමින්ද

මෙරට රාජ්‍ය පාලනය වෙනත් කෙනෙක් සතු වුවහොත් රට තුළ නැවතත් අර්බුදකාරී තත්ත්වයක් ඉස්මතු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර බටහිර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව සංවිධානය කළ කොට්ඨාස කමිටු සමඟ පැවති සාකච්ජාවකදීයි.

මෙම සාකච්ජාවේ දී ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණයේ බටහිර ආසනයේ මැතිවරණ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු බවයි වාර්තා වන්නේ.

මෙකී අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, මුදල් රාජ්‍යය අමාත්‍ය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම් චන්ද්‍රසේන, එස්.සී මුතුකුමාරණ, හිටපු අමාත්‍යය පී හැරිසන් යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් හා එම පක්ෂවල කොට්ඨාස නියෝජිතයින් ද සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06