AFC Banner
Empty Ad
Empty Ad

ජනපති අමරපුර මහා නිකායේ නායක හිමි බැහැදකී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ මූලස්ථානය වෙත අද (28) පෙරවරුවේ පැමිණ එහි මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමුර්ති නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙලෙස අමරපුර මහා නිකායේ මහානායක ප්‍රමුඛ අනුනායක සහ නිකායික මහා සංඝරත්නය බැහැ දුටු බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් දේශනා කර ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාද පළ කළා.

අනතුරුව මහා සංඝරත්නය සමඟ කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳව ද උන්වහන්සේලා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

ආර්ථික අභියෝග හමුවේ රට ගොඩ නැගූ ආකාරයත් නැවත ආර්ථික වශයෙන් ගැටළුවක් පැමිණි විට ඊට මුහුණ දෙන ආකාරයත් ජනපති උන්වහන්සේලා සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ උප නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?