ජනපති අමරපුර මහා නිකායේ නායක හිමි බැහැදකී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ මූලස්ථානය වෙත අද (28) පෙරවරුවේ පැමිණ එහි මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමුර්ති නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙලෙස අමරපුර මහා නිකායේ මහානායක ප්‍රමුඛ අනුනායක සහ නිකායික මහා සංඝරත්නය බැහැ දුටු බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් දේශනා කර ජනාධිපතිවරයාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාද පළ කළා.

අනතුරුව මහා සංඝරත්නය සමඟ කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳව ද උන්වහන්සේලා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

ආර්ථික අභියෝග හමුවේ රට ගොඩ නැගූ ආකාරයත් නැවත ආර්ථික වශයෙන් ගැටළුවක් පැමිණි විට ඊට මුහුණ දෙන ආකාරයත් ජනපති උන්වහන්සේලා සමග සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ උප නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14