AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ලියාපංචි රක්ෂිත බෙදාහැරීම තව දුරටත් – නියෝජ්‍ය තැපැල්පති (වීඩියෝ)

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ලියාපංචි රක්ෂිත පැකැට්ටු 712,318ක් සියලුම දිස්ත්‍රික්කවලින් භාරගැනීම අවසන් කළ බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ පවසනවා.

ඒ, අනුව එම ඇතැම් රක්ෂිත පැකැට්ටු අදාළ තැපැල් කාර්යාල වෙත යැවීමට කටයුතු කර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.

එමෙන්ම ඉතිරිව ඇති රක්ෂිත පැකැට්ටු එක එල්ලේම ගමනාන්ත වෙත යැවීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර 30 වනදාට පෙර ලියාපංචි රක්ෂිත පැකට්ටු අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත බෙදහැරීමට කටයුතු කිරීමට නියමිතයි.

එම රක්ෂිත පැකැට්ටු ලද වහාම ඉතා ඉක්මනින්ම අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට තැපැල් ස්ථානාධිපතිවරුන්ට දැනුම්දීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එළඹෙන සැප්තැම්බර් දෙවනදා ලැබුණු පසු ඒවා බෙදාහැරීමේ විශේෂ දිනය ලෙස සැප්තැම්බර් මස 08වන ඉරිදා වෙන්කර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ.

එදින පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා එම බෙදාහැරීමේ කටයුතු සිදුකර අතර, එම දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරගැනීමට සූදානමින් සිටින ලෙසට මහජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?