තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ලියාපංචි රක්ෂිත බෙදාහැරීම තව දුරටත් – නියෝජ්‍ය තැපැල්පති (වීඩියෝ)

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ලියාපංචි රක්ෂිත පැකැට්ටු 712,318ක් සියලුම දිස්ත්‍රික්කවලින් භාරගැනීම අවසන් කළ බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ පවසනවා.

ඒ, අනුව එම ඇතැම් රක්ෂිත පැකැට්ටු අදාළ තැපැල් කාර්යාල වෙත යැවීමට කටයුතු කර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.

එමෙන්ම ඉතිරිව ඇති රක්ෂිත පැකැට්ටු එක එල්ලේම ගමනාන්ත වෙත යැවීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර 30 වනදාට පෙර ලියාපංචි රක්ෂිත පැකට්ටු අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත බෙදහැරීමට කටයුතු කිරීමට නියමිතයි.

එම රක්ෂිත පැකැට්ටු ලද වහාම ඉතා ඉක්මනින්ම අදාළ සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසට තැපැල් ස්ථානාධිපතිවරුන්ට දැනුම්දීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එළඹෙන සැප්තැම්බර් දෙවනදා ලැබුණු පසු ඒවා බෙදාහැරීමේ විශේෂ දිනය ලෙස සැප්තැම්බර් මස 08වන ඉරිදා වෙන්කර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ.

එදින පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා එම බෙදාහැරීමේ කටයුතු සිදුකර අතර, එම දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාරගැනීමට සූදානමින් සිටින ලෙසට මහජනතාවට දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14