AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්තය ශ්‍රී ලංකාවේ පළමු ඉනිමට වඩා ලකුණු 23ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සත්කාරකයින් තරගයේ දෙවැනි දිනය (22) නිමාවන විට ලකුණු 23ක් ශ්‍රී ලංකාවේ පළමු ඉනිමට වඩා ඉදිරියෙන් සිටිනවා.

මැන්චෙස්ටර් නුවර දී පැවැත්වෙන මෙම තරගයේ දී එංගලන්තයේ Jamie Smith නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නේ ලකුණු 72ක් සහිතවයි.

Harry Brook ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුණා.

Gus Atkinson ලකුණු 25ක් අතැතිව 7 වැනි කඩුල්ලේ රැඳී සිටිනවා.

කඩුලු බිඳ දැමීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 03ක්, ප්‍රභාත් ජයසූරිය කඩුලු 02ක් සහ විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහර දුන් අතර, එහිදී සියල්ලන් දැවී ලකුණු 236ක් රැස් කරගත්තා.

අද තරගයේ තුන්වැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?