AFC Banner
Empty Ad
Empty Ad

තණමල්විල දැරිය දූෂණය කළ සැකකරුවන් අද අධිකරණයට – මාධ්‍යවේදියාට පහරදීමටත් උත්සාහයක(වීඩියෝ)

තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 දෙනා සහ අධාර අනුබල දුන් කාන්තාව අද (22) දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම නඩු කටයුත්ත විභාග වන අද දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැරියට සාධාරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවක් ද පැවැත්වෙමින් තිබෙන බවයි.

එම නිහඬ විරෝධය ප්‍රදේශයේ කාන්තා සංවිධාන රැසක් එක්ව සංවිධානය කර ඇති අතර මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා දසත අප ප්‍රාදේශීය වාර්තාකරු ජයන්ත වීරසේකර එම ස්ථානයට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයකු ඔහුට බැණ තර්ජනය කර පහරදීමට උත්සාහ කළ බවයි.

පසුව එම පුද්ගලයා එම ස්ථානයේ සිටි කාන්තාවන් හට ද තර්ජනය කළ බවත්; පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයා එම ස්ථාන‍යෙන් ඉවත් කිරීමට උත්සාහ දරන විට ඔහු පලා ගිය බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මේ වනවිටත් අදාළ විරෝධතාව වැල්ලවාය අධිකරණය සංකීර්ණය ඉදිරිපිට සිදු කෙරෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
1
+1
2
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?