AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි මාස 03ක දී ලක්ෂ 20ක රියදුරු බලපත්‍ර අවලංගු වෙයි

2009 වර්ෂයට පෙර නිකුත් කර ඇති ලක්ෂ 20කට අධික රියදුරු බලපත්‍ර ඉදිරි තෙමසක කාලය තුළ අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අලුත් කළ නොහැකි සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමටයි ඔවුන් තීරණය ගෙන ඇත්තේ.

වාර්තා වන රිය අනතුරු සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවා.

එම රිය බලපත්‍ර ලක්ෂ 20න් – ලක්ෂ 14ක පමණ සංඛ්‍යාවක් බර වාහන බලපත්‍ර බව සඳහන්.

මාර්ගයේ රථවාහන වැරදි සිදු කරන රියදුරන්ට අකුසලතා ලකුණු එකතු කිරීමේ හා ලකුණු සම්පූර්ණ වන රියදුරන්ගේ රිය බලපත්‍ර තාවකාලිකව අවලංගු කිරීමේ ඩී – මෙරිට් වැඩපිළිවෙළ ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිත බවත් මෙම වැඩපිළිවෙළට පැරණි රියදුරු බලපත්‍ර සහිත පුද්ගලයන්ගේ රිය බලපත්‍ර ද ඇතුළත් කරගැනීමේ පියවරක් වශයෙන් පැරණි රියදුරු බලපත්‍ර සියල්ලම අවලංගු කිරීමට තීරණය කර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර කොමසාරිස් වසන්ත ආරියරත්න පැවසුවා.

පැරණි රියදුරු බලපත්‍රලාභීන් හට ප්‍රවාහන වෛද්‍ය සහතිකය ලබාගෙන නව රියදුරු බලපත්‍රයක් අයදුම් කිරීමේ හැකියාව ද මෙමගින් උදාවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
25
+1
3
+1
7
+1
2
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?