ඉදිරි මාස 03ක දී ලක්ෂ 20ක රියදුරු බලපත්‍ර අවලංගු වෙයි

2009 වර්ෂයට පෙර නිකුත් කර ඇති ලක්ෂ 20කට අධික රියදුරු බලපත්‍ර ඉදිරි තෙමසක කාලය තුළ අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අලුත් කළ නොහැකි සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමටයි ඔවුන් තීරණය ගෙන ඇත්තේ.

වාර්තා වන රිය අනතුරු සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවා.

එම රිය බලපත්‍ර ලක්ෂ 20න් – ලක්ෂ 14ක පමණ සංඛ්‍යාවක් බර වාහන බලපත්‍ර බව සඳහන්.

මාර්ගයේ රථවාහන වැරදි සිදු කරන රියදුරන්ට අකුසලතා ලකුණු එකතු කිරීමේ හා ලකුණු සම්පූර්ණ වන රියදුරන්ගේ රිය බලපත්‍ර තාවකාලිකව අවලංගු කිරීමේ ඩී – මෙරිට් වැඩපිළිවෙළ ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිත බවත් මෙම වැඩපිළිවෙළට පැරණි රියදුරු බලපත්‍ර සහිත පුද්ගලයන්ගේ රිය බලපත්‍ර ද ඇතුළත් කරගැනීමේ පියවරක් වශයෙන් පැරණි රියදුරු බලපත්‍ර සියල්ලම අවලංගු කිරීමට තීරණය කර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර කොමසාරිස් වසන්ත ආරියරත්න පැවසුවා.

පැරණි රියදුරු බලපත්‍රලාභීන් හට ප්‍රවාහන වෛද්‍ය සහතිකය ලබාගෙන නව රියදුරු බලපත්‍රයක් අයදුම් කිරීමේ හැකියාව ද මෙමගින් උදාවනු ඇති.

  1. මේව හෙන හහන අපරාද, ලංකාවෙ රිය අනතුරු වෙන්නෙ රියදුරු බලපත්‍රයේ වරදින් නොවේ, රියදුරන් ගේ නොඉවසිලිවන්ත කම නිසයි. ආන්ඩුවට 225 නඩත්තු කරන්න මුදල් හොයන්න ගත්ත තවත් පියවරක් තමයි. ගහන්න තියෙන බදු සේරම ගහල බදුවලටත් බදු ගහල තව ගහන්න බද්දක් නැති නිසා ලොකු ගානක් ආන්ඩුවට අයකරගෙන රියදුරු බලපත්‍රය අලුත් කරන්න කියල නීති ගෙනෙයි. නිකන් බොරු බයිල ගහනව රිය අනතුරු වැඩි නිසා කියල. මිනිස්සුන්ගෙ සල්ලි සූරගෙන රටක් දියුනු කරන්න බැහැ ඒකට නිශ්පාදන ආර්ථිකයක් හදන්න ඕනෙ. ආර්ථික ඔස්තාර් කියන සොම්බියට කරන්න පුලුවන් ටික තමයි ඔය. මූ ඊලග ජනාධිපති උනොත් ලංකාවෙ මිනිස්සුන්ට වහ කන්න තමයි වෙන්නෙ.මූ ඊලගට කියයි උප්පැන්න සහතිකෙත් අලුත් කරන්න කියල.

  2. Parana riyaduru balapathra tiyena aya hariyatama igenagatta aya.dan wage salliwalata gatta aya newei.masa 3k ho 4 train wela exam pass wenne.dan wage satiyen newei.examinala salliwalata wikinila pass karanawa.aluthin licence gatta mn danna aya innawa wahanayak aran yannawath danne nathi.
    Riyaduru komasaris oyata oka karanna danne nattm ain wela yanna.issella oya examinala kiyana ayawa train karawanna.
    Anika puluwannm aluthin gahana driving licence walata pass karana examinage code ekak deela eka gahanna.etakota balnna puluwan waradi wadiyen karanne kohomada kiyala.moda hatta



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14