AFC Banner
Empty Ad
Empty Ad

වනිඳුට සහ තුෂාරට CPL තරගාවලිය අහිමිව යයි

2024 කැරබියන් ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක්ට අහිමිව යන බවට තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට මෙලෙස සී.පී.එල් තරගාවලිය අහිමිව යන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනාම ආබාධයන්ට ගොදුරු වී සිටීම හේතුවෙන් මෙලෙස එම තරගාවලිය අහිමිව යන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව ඔවුන් දෙදෙනා වෙනුවට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ඇන්රිච් නොර්ට්ජේ සහ තබ්රි ශම්සි,නෙවිස් පෙට්‍රියස් කණ්ඩායම (St Kitts & Nevis Patriots) සමඟ ගිවිසුම් ගතව ඇති බවයි වාර්තා වුණේ.

ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් නුවන් තුෂාරට ඉන්දියාව සමඟ නිමා වූ සීමිත පන්දුවාර තරගාවලිය අහිමිව ගිය අතර, වනිඳු හසරංග ඉන්දියාව සමඟ එක්දින තරගාවලිය තුළ පාදයේ ආබාධයකට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
4
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?