වනිඳුට සහ තුෂාරට CPL තරගාවලිය අහිමිව යයි

2024 කැරබියන් ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක්ට අහිමිව යන බවට තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට මෙලෙස සී.පී.එල් තරගාවලිය අහිමිව යන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනාම ආබාධයන්ට ගොදුරු වී සිටීම හේතුවෙන් මෙලෙස එම තරගාවලිය අහිමිව යන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව ඔවුන් දෙදෙනා වෙනුවට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ඇන්රිච් නොර්ට්ජේ සහ තබ්රි ශම්සි,නෙවිස් පෙට්‍රියස් කණ්ඩායම (St Kitts & Nevis Patriots) සමඟ ගිවිසුම් ගතව ඇති බවයි වාර්තා වුණේ.

ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් නුවන් තුෂාරට ඉන්දියාව සමඟ නිමා වූ සීමිත පන්දුවාර තරගාවලිය අහිමිව ගිය අතර, වනිඳු හසරංග ඉන්දියාව සමඟ එක්දින තරගාවලිය තුළ පාදයේ ආබාධයකට ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17