AFC Banner
Empty Ad
Empty Ad

ලෝකය ජයගත් ශ්‍රී ලාංකික න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයින්

පිලිපීනයේ පැවති ජාත්‍යන්තර න්‍යෂ්ටික භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වී; එයින් රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගත් ශ්‍රී ලාංකික තරුණ න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයින් තිදෙනකු අද (08) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම තරගාවලිය පිලිපීනයේ නිව් ක්ලාක් නුවර දී පසුගිය මස 31 වැනි දින සිට ඊයේ (07) දින දක්වා පැවැත්වුණු බවයි.

මෙම තරගාවලියට ලෝකයේ රටවල් 14 ක තරගකරුවන් 60කට අධික පිරිසක් එක් ව සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා ලිඛිත පරීක්ෂණ වට ගණනාවක් පවත්වා ඇති අතර; ඉන් මෙම තිදෙනා අවසාන වශයෙන් තෝරා ගැනුණා.

පළමු වතාවට මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී වී තිබූ අතර එයින් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය එම්.එන්.ඒ.මුෂාබ් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

මෙම තරගාවලියට සහභාගී වූ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය පඹසර මාදුවගේ සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය අඛිල බණ්ඩාර රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.

දෝහා – කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යාන‍යෙන් මෙම විශිෂ්ටයින් තිදෙනා අද පෙරවරු 9.35ට මෙරටට ළඟා වුණා.

මොවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා භෞතික විද්‍යාඥයින්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් සහ එම සිසුන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?