ලෝකය ජයගත් ශ්‍රී ලාංකික න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයින්

පිලිපීනයේ පැවති ජාත්‍යන්තර න්‍යෂ්ටික භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වී; එයින් රන් පදක්කමක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ගත් ශ්‍රී ලාංකික තරුණ න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයින් තිදෙනකු අද (08) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම තරගාවලිය පිලිපීනයේ නිව් ක්ලාක් නුවර දී පසුගිය මස 31 වැනි දින සිට ඊයේ (07) දින දක්වා පැවැත්වුණු බවයි.

මෙම තරගාවලියට ලෝකයේ රටවල් 14 ක තරගකරුවන් 60කට අධික පිරිසක් එක් ව සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා ලිඛිත පරීක්ෂණ වට ගණනාවක් පවත්වා ඇති අතර; ඉන් මෙම තිදෙනා අවසාන වශයෙන් තෝරා ගැනුණා.

පළමු වතාවට මෙම තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී වී තිබූ අතර එයින් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය එම්.එන්.ඒ.මුෂාබ් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

මෙම තරගාවලියට සහභාගී වූ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය පඹසර මාදුවගේ සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය අඛිල බණ්ඩාර රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.

දෝහා – කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යාන‍යෙන් මෙම විශිෂ්ටයින් තිදෙනා අද පෙරවරු 9.35ට මෙරටට ළඟා වුණා.

මොවුන් පිළිගැනීමට ශ්‍රී ලංකා භෞතික විද්‍යාඥයින්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් සහ එම සිසුන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32