AFC Banner
Empty Ad
Empty Ad

සරත් ෆොන්සේකා ජනපති සටනට ඇප බඳියි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

අද (05) දහවල් ඒ මහතා වෙනුවෙන් වෘත්තීයවේදී ධම්මික රත්නායක විසින් එම ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

සිය ඇප මුදල් රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේ මූල්‍ය අංශයට ෆොන්සේකා මහතා වෙනුවෙන් අදාළ වෘත්තීයවේදියා ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් වන ගැසට්‍ නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබීමත් සමගයි සරත් ෆොන්සේකා මහතා තමන් මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට දැනුම් දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
1
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?