තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන් – අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

2024 ජනාධිපති මැතිවරණයට ඇත්තේ තවත් දින හතළිස් හයක කාලයක් පමණයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් වන තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන් බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නේ.

මේ අතර අපේක්ෂකයින් 14 දෙනෙක් එළඹෙන ජනාධිපතිවරණය සඳහා මේ වනවිටත් ඇපමුදල් තැන්පත්කර තිබෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැදවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ, අනුව අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරදීමට ලබා දී තිබූ කාලය අදින් අවසන් වනවා.

තවමත් තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම් කර නොමැති පුද්ගලයින්, අද මධ්‍යම රාත්‍රියට පෙර එම අයදුම්පත්‍ර භාරදෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරුවලට අනුව, තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කර ස්වකීය ආයතනයේ සහතික කිරීමේ නිලධාරියා මඟින් ඡන්ද හිමි නාම ලේඛනයේ නම සදහන් දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත භාරදිය යුතු වනවා.

කිසිම හේතුවක් මත තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ නොකරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව අද දිනයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

හෙට සිට අමාත්‍යාංශ මට්ටමින් අමාත්‍යාංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු ඇතුළු නිලධාරීන් ද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවීමට නියමිතයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡා සිදුකරන බවයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිතය ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 14 දෙනෙකු මේ වනවිටත් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඔවුන් අතරින් අටදෙනෙක් පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරන අතර, අපේක්ෂනයින් පස්දෙනෙක් වෙනත් දේශපාලන පක්ෂවලින් හෝ ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටිනවා.

ජනාධිපතිවරණය වෙනුවෙන් එළඹෙන 15 වනදා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26