කල්පිටියේ දී ඇල්ලූ චීන ජාතිකයින් 55 දෙනා අපරාධයකට සූදානම් ව සිටියා දැයි සැකයක්

කල්පිටිය – කන්දකුලිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක ළැඟුම් ගෙන සිටි චීන ජාතිකයින් 55 දෙනෙකුව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ මෙම සැකකරුවන් ඊයේ (30) රාත්‍රියේ දී අත් අඩංගුවට ගත් බවයි.

සැකකාර චීන ජාතිකයින් සතුව තිබී ජංගම දුරකතන 40 ක් ද වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගැනුණා.

සැකකරුවන් කිසියම් සයිබර් අපරාධයක් සිදු කිරීම සඳහා කල්පිටිය ප්‍රදේශයට පැමිණ සිටින්නට ඇති බවට පොලිසිය මේ වනවිට සැක පළ කරනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර චීන ජාතිකයින් මේ වන විට නොරොච්චෝලේ පොලීසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවයි වාර්තා වන්නේ.

ඒ නොරොච්චෝලේ පිහිටි ලක්විජය ගල් අඟුරු බලාගාරයේ සේවය කරන චීන ජාතිකයින්ගේ සහාය ඇතිවයි.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ කරගෙන යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?