AFC Banner
Empty Ad
Empty Ad

නොච්චියාගම අනතුරකින් කාන්තාවක් මරුට

නොච්චියාගම නගරයේ දී අද (30) පස්වරුවේ සිදු වූ මාරක අනතුරකින් එම ප්‍රදේශයේ කාන්තාවක් අනතුර සිදු වූ ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී බස් රථයක මරණකාරියගේ යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

අදාළ බස් රථය අපරික්ෂාකාරී ලෙස සහ වේගයෙන් ධාවනය වෙමින් සිට තිබෙනවා.

නොච්චියාගම නගර මධ්‍යයේ දී මෙම අනතුර සිදු ව ඇති අතර; 34 හැවිරිදි කාන්තාව එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් ව ඇත්තේ ඇයගේ හිස කඳින් වෙන් වීමත් සමගයි.

ඇය රාජාංගනය යාය 15 ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?