තමන් සමඟ එක් නොවූ මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් ආරාධනයක් (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (29) රාත්‍රියේ සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා.

එම සටහන මඟින් ජනාධිපතිවරයා සඳහන් කර තිබුනේ තමා සමඟ සිටි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්තවන බවයි.

පක්ෂ දේශපාලනය පසෙක ලා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ඔවුන් විසින් තේරුම් ගෙන ඇති බවත්, එකට එක්ව තවත් බොහෝ දේ කළ හැකියි ජනාධිපතිවරයා එමඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තවමත් ඔවුන් සමඟ එක්නොවූ මන්ත්‍රීවරුන්ව එම ගමනේ කොටස්කරුවන් කර ගැනීමට සුදානමින් සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම විශේෂ සටහන මඟින් පවසා තිබෙනවා.

එමෙන්ම සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මෙහෙවර තවමත් සිදුවෙමින් පවතින බවත්, එය යථාර්ථයක් බවට පත් කිරීමට කැමති සෑම පුද්ගලයෙක්ම ඒ සඳහා අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තැබූ ෆේස්බුක් සටහනේ සඳහන්.

එම සටහන පහතින්,

“මෙම ගමනේදී මා සමඟ සිටි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම ස්තූතිවන්ත වෙන්න කැමතියි. මුල සිටම මා සමඟ සිටි අයට විශේෂයෙන්ම කියන්නට ඕනි, ඔබේ සහාය නිසා තමයි අපි සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ. රට දරුණු අර්බුදයක සිටියදී, පුරවැසියන් බලශක්තිය, ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය දෑ නැතිව අරගල කරද්දී, ඔබ මා ගැනත් මගේ සැලැස්ම ගැනත් විශ්වාස කළා. ජයගත නොහැකියි කියලා සමහරු විශ්වාස කළ අභියෝග හමුවේ ඔබ ගේ කැපවීම සහ විශ්වාසය අපිව දිරි ගැන්නුවා.
ඒ, වගේම අපේ ප්‍රගතිය දැකලා, වෙනසේ කොටස්කරුවන් වීමට තීරණය කරලා මේ ගමනේ අතර මගදී අපිට එකතුවුණු මන්ත්‍රීවරුන්ටත් මම ස්තුති කරන්න කැමතියි.
මේ වෙලාවේ අප සමඟ එක්වන අයව අපි සාදරයෙන් පිළිගන්නවා. ඔබේ සහාය අපේ ගමන් මඟේ සාර්ථකත්වය ගැන ඔබ තුළ ඇති විශ්වාසය ලෝකයටම පෙන්නනවා. පක්ෂ දේශපාලනය පසෙක ලා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ඔබ තේරුම් ගෙන තිබෙනවා. එකට එක්ව අපට තව බොහෝ දේ කළ හැකියි.
තවමත් අප සමඟ එක්නොවූ මන්ත්‍රීවරුන්ටත් මම කියන්න ඕනි, අපි ඔබවත් මේ ගමනේ කොටස්කරුවන් කරගැනීමට සූදානම්. සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේ මෙහෙවර තවමත් සිදු වෙමින් පවතිනවා, එය යථාර්ථයක් බවට පත් කිරීමට කැමති සෑම කෙනක්ම අපට අවශ්‍යයි. මේ ගමන පහසු එකක් නොවුණත්, අපි එකතු වීමෙන් රටට සහ මහජනතාවට අපේ යුතුකම ඉටු කරන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. එකට එක්ව, අපි සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු.
අපේ රටේ අනාගතය වෙනුවෙන් ඔබේ කැපවීමට සහ ඒ වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට ඇති ඔබේ ධෛර්යය ගැන මම අවසාන වශයෙන් ඔබට ස්තුති වන්ත වෙන්න කැමතියි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
9
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?