ශ්‍රී ලංකා – ඉන්දියා පළමු 20-20 තරගය අද – ආදේශක ක්‍රීඩකයින්ගෙන් උපරිමය ගන්න චරිත් සූදානමින් (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය අද (27) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා.

දෙරට අතර පළමු 20-20 තරගය අද (27) රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිත අතර, තරගාවලියට පෙර කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් සහභාගී වූ මාධ්‍ය හමුව ඊයේ (26) පල්ලෙකැලේ දී පැවැත් වුණා.

එහිදී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකත්වයට පත් චරිත් අසලංක මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ආබාධයන්ට ලක්වීම නායකයෙක් ලෙස කණගාටුවට පත්වන බවයි.

කෙසේ වෙතත් එවැනි අභියෝගයන්ට මුහුණදීමට නායකයෙක් ලෙස සූදානමින් සිටිය යුතු බවයි චරිත් එහිදී සඳහන් කර සිටියේ.

එමෙන්ම එම ක්‍රීඩකයින් වෙනුවෙන් හොද ආදේශක ක්‍රීඩකයින් මේ වනවිටත් කණ්ඩායමට එක්ව ඇති බවත් ඔවුන්ගෙන් තරග ජයග්‍රහණය කිරීමට උපරිමය ලබා ගන්නා බවයි ඔහු පැවසුවේ.

ඊට අමතරව එල්.පී.එල්. තරගාවලිය ක්‍රීඩාකර තිබීම මෙම තරගාවලියට හොඳ අවස්ථාවක් වනු ඇති බවයි ඔහු මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
12
+1
1
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43