බිරිඳ මැරුණු බවට බොරු කියා සැමියා මිනී පෙට්ටියක් ගෙදර අරන් ගිහින්

තම බිරිඳ මියගොස් ඇති බවට බොරුවක් පවසා මල්ශාලාවකින් මිනී පෙට්ටියක්, මිනී ඇඳුම්, මල්වඩමක් සහ අනෙකුත් අවමංගල්‍ය භාණ්ඩ නිවසට රැගෙන ගිය පුද්ගලයෙක් පිළිබඳ පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම පුද්ගලයා විසින් මල්ශාලාවේ සේවකයින්ට මෙලෙස බොරුවක් පවසා ඊයේ (25) රාත්‍රියේ මෙම අවමංගල්‍ය භාණ්ඩ නිවසට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මොහු විසින් රෝගාතුරව සිටි තම බිරිඳ මියගිය බවත් මරණ පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් ඒ බව තහවුරු කළ බවත් මල්ශාලා සේවකයින්ට පවසා තිබෙනවා.

ඒ, අනුව මිනී පෙට්ටිය ඇතුළු අවමංගල්‍ය භාණ්ඩ ද රැගෙන එම සේවකයින් අදාළ නිවසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී දරුවන් විසින් පවසා ඇත්තේ මිනී පෙට්ටිය ඇතුළු අවමංගල්‍ය භාණ්ඩ නිවසට රැගෙන ආවේ කුමන හේතුවක් මත ද යන්නයි.

“උඹලා අම්මා මැරිලා ඒක නිසා තමයි පෙටිටියක් ගෙනාවේ” යනුවෙන් එහිදී අදාළ පුද්ගලයා පවසා තිබෙනවා.

මව මියගොස් නැති බවත් ඇය මුළුතැන්ගේ සිටින බවත් දරුවන් පැවසීමත් සමඟ මුදල් ගෙවා රැගෙන ආ මිනී පෙට්ටිය ද රැගෙන ආපසු යෑමට මල්ශාලා සේවකයින් සුදානම්ව තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ පුද්ගලයා සේවකයින්ට තර්ජනය කර ඇති අතර, එහිදී ඔවුන් විසින් මිනී පෙට්ටිය නිවස තුළ දමා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව දරුවන් විසින් මේ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇති අතර, බලංගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් එම නිවසට පැමිණ අදාළ මිනී පෙට්ටිය යළි රැගෙන යන ලෙසට මල්ශාලා සේවකයින්ට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ, සඳහා ගෙවූ රුපියල් හතලිස් දහසක මුදල මල්ශාලාවට පැමිණ රැගෙන යන ලෙසට ද අදාළ පුද්ලයාට පොලිසිය විසින් දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් එම පුද්ගලයා මෙවැනි ක්‍රියාවක් සිදුකළේ කුමන කාරණාවක් මත ද යන්න පිළිබඳව පවසා නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39