ග්‍රෑන්ඩ්පාස්වල දී කුඩු සුනීතා එලොව යැවූ වෙඩිල්ලේ තොරතුරු රැසක් හෙළිවෙයි

ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත ප්‍රදේශයේ දී ඊයේ (25) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කුඩු සුනීතා නැමැති කාන්තාව සහ ඇයගේ සහායකයාව බවයි පොලිසිය සඳහන් කළේ.

කුඩු සුනීතා නැමැති කාන්තාව ඉලක්ක කරගනිමින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි සිදුකර පළාගොස් තිබුණා.

මෙම වැඩි තැබීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ කුඩු සුනීතා නැමැති කාන්තාවගේ සහායකයා එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර බරපතළ තත්වයේ පසු වූ කාන්තාව ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි.

ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම කාන්තාව අද (26) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබුණා.

පොලිසිය සඳහන් කළේ මියගිය කුඩු සුනීතා නැමැති කාන්තාව මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ තැනැත්තියක් බවත්, ඇයට එරෙහිව නඩු කිහිපයක් ද විභාග වෙමින් පවතින බවයි.

මේ අතර මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ අනෙක් පුද්ගලයා 31 හැවිරිදි කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි කේ.ආර්. දර්ශන නැමැති අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා කුඩු සුනීතාගේ ඥාතියෙක්වන අතර ඔහු ඇයගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සහායකයා ලෙස කටයුතු කර තිබෙනවා.

මේ අතර මෙම වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන යතුරුපැදියක් අද (26) පෙරවරුවේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දමාගොස් තිබිය දී පොලීසිය විසින් සොයා ගත්තා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන ආරක්ෂක අංශ සැකපළ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාවාදීම් සහ මත්ද්‍රව්‍ය විකිණීම්වලට බාධාකිරීම් සම්බන්ධයෙන් ඇය සමඟ ප්‍රදේශයේ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අමනාපයෙන් පසුවීම මත ඊට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41