AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට ආසියානු මල්ලව පොර ශූරතා තරගාවලියෙන් ලෝකඩ පදක්කමක්

තායිලන්තයේ පැවති ආසියානු මල්ලව පොර ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහි වයස අවුරුදු 20න් පහළ කිලෝග්‍රෑම් 53 බර පන්තිය යටතේ තරග කළ පෝරුතොටගේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු ක්‍රීඩිකාව, මෙරට ඉතිහාසයේ පළමු වරට මෙම කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කම දිනා ගෙන අද (24) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම තරගාවලිය ඉකුත් 16 සිට 24 තෙක් පැවැත්වෙන බවයි.

ඊට ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කගේ පමණ සහභාගීත්වය ඇති බවත්; එම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වූ බවත් වාර්තා වනවා.

නෙත්මි අහිංසා ක්‍රීඩිකාව මෙම ජයග්‍රහණය ද රැගෙන අද උදෑසන 09.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණියා.

ඇය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මල්ලව පොර ක්‍රීඩා සම්මේලනයේ නිලධාරීන් මෙන් ම, මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?