ශ්‍රී ලංකාවට ආසියානු මල්ලව පොර ශූරතා තරගාවලියෙන් ලෝකඩ පදක්කමක්

තායිලන්තයේ පැවති ආසියානු මල්ලව පොර ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහි වයස අවුරුදු 20න් පහළ කිලෝග්‍රෑම් 53 බර පන්තිය යටතේ තරග කළ පෝරුතොටගේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු ක්‍රීඩිකාව, මෙරට ඉතිහාසයේ පළමු වරට මෙම කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කම දිනා ගෙන අද (24) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ මෙම තරගාවලිය ඉකුත් 16 සිට 24 තෙක් පැවැත්වෙන බවයි.

ඊට ආසියානු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කගේ පමණ සහභාගීත්වය ඇති බවත්; එම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වූ බවත් වාර්තා වනවා.

නෙත්මි අහිංසා ක්‍රීඩිකාව මෙම ජයග්‍රහණය ද රැගෙන අද උදෑසන 09.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණියා.

ඇය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මල්ලව පොර ක්‍රීඩා සම්මේලනයේ නිලධාරීන් මෙන් ම, මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33