AFC Banner
Empty Ad
Empty Ad

සැකයක් නැහැ, ඉදිරි මැතිවරණය අපි ජයගන්නවා – ජනපති (වීඩියෝ)

ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අදවන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මැතිවරණයට වඩා මුදල් වෙන් කිරීමේ දී එදා ප්‍රමුඛත්වය දිය යුතු කාරණා ගණනාවක් තිබූ බව සඳහන් කළ ජනාධිපතිවරයා, අභියෝග හමුවේ වුවත් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන ඒමට හැකි වී තිබෙන බව ද පැවසුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ශ්‍රී ජයවර්ධනපුර, මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී ඊයේ (20) පැවති පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන්ගේ හමුවට එක්වෙමින්.

දිවයින පුරා සිටින පළාත් පාලන නියෝජිතයින් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් සිදු කරන ලද ඉල්ලීම අනුව මෙම හමුව සංවිධානය කර තිබුණා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“මීට වසර දෙකකට පෙර මම රට භාරගන්නා අවස්ථාව වන විට රට අර්බුද ගණනාවකට මුහුණ පා සිටියා. එදා ආර්ථික කඩා වැටීමක් පමණක් නොව, නීතිය හා දේශපාලනයද කඩා වැටීමට ලක්ව තිබුණා. නමුත් මේ ඡන්දෙ දී පක්ෂ කඩා වැටීමකුත් සිදුව තිබෙනවා.එදා මට අගමැතිධුරය භාරගැනීමට ආරාධනා කළ අවස්ථාවේ මා එය නොබියව භාරගත්තා. නමුත් ඊට පෙර විපක්ෂ නායකවරයාට සහ අනෙකුත් පක්ෂ නායකයින්ට ආරාධනා කර තිබුණා. ඒ අවස්ථාවේ ඔවුන් කිසිවෙක් එම අභියෝගය භාර ගැනීමට ඉදිරිපත් වූයේ නැහැ. නමුත් මා අභියෝගය භාර ගැනීමෙන් පසුව රට ගොඩනැඟීම සඳහා එක්වන ලෙස සියලු පක්ෂවලට ආරාධනා කළා.
ඒ, අනුව ප්‍රථමයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති සමඟ සාකච්ඡා කරන්න සූදානම් වුණා. නමුත් එම පක්ෂයේ සභාපතිවරයා ඊට එකඟ වුණේ නැහැ. අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළා.ඒ අවස්ථාවේ එතුමා කියා සිටියේ තම පක්ෂය සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ තීරණය මා හට දැනුම් දෙන බවයි. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළා.
සමගි ජනබලවේගයේ සහයෝගය ලබා ගැනීමටද එදා මා උත්සාහ කළා. නමුත් ඒ අවස්ථාවේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තමන්ද ජනාධිපතිනරවකු තෝරා පත් කර ගැනීමට පැවැත්වෙන පාර්ලි‍මේන්තු ඡන්දයට ඉදිරිපත් වන බවයි. කෙසේ හෝ අවසානයේ ඔහු ඊට ඉදිරිපත් නොවී ඩලස් අලහප්පෙරුම මහතාව ඉදිරිපත් කළා. කෙසේ හෝ ඒ අවස්ථාවේ සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් මට ඡන්දය ලබා දුන්නා. ඒ වගේම ද්‍රවිඩ පක්ෂ සහ අනෙක් පක්ෂ සමඟත් මා සාකච්ඡා කළා.ඒ අයගේ ද සහයෝගය මට ලැබුණා.
ඒ, අනුව මා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසුව අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වුණා. ආර්ථිකය මුළුමණින්ම කඩා වැටී තිබුණා. බිම් මට්ටමේ පාලන යාන්ත්‍රණය වගේම දේශපාලන යාන්ත්‍රණයද කඩා වැටීමට ලක්ව තිබුණා. මහජන නියෝජිතයින්ගේ මෙන්ම ක්‍රියාකාරීන්ගේ නිවාස ගිනි තබා ඔවුන්ව බිය වද්දා පාරට බහින්නවත් පුළුවන් වාතාවරණයක් ග්‍රාමීය මට්ටමේ තිබුණේ නැහැ. පොදුජන පෙරමුණේ අයට පමණක් නොවෙයි, අනෙක් පක්ෂවල උදවියටත් පාරට බහින්න පුළුවන් වාතාවරණයක් තිබුණේ නැහැ. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගියා නම් කලහාකාරීන් ගමේ බලය සියතට ගන්නවා. ඔවුන් උත්සාහ කළේ බිම් මට්ටමේ බලය අල්ලා ගැනීමටයි.
මේ අභියෝග පරාජය කරමින් ක්‍රමානුකූලව රට ඉදිරියට ගෙන ඒමට මට හැකි වුණා. මේ ගමනේ දී විරෝධතා මෙන්ම උද්ඝෝෂණවලට ද අපට මුහුණ දීමට සිදු වුණා.මේ පසුබිම තුළ පළාත් පාලන මැතිවරණය පැමිණියා. නමුත් ඒ සඳහා එදා මුදල් වෙන්කර දීමට ශක්තියක් තිබුණේ නැහැ. එදා ඒ ඡන්දයට වඩා මුදල් වෙන් කරමින් ප්‍රමුඛත්වය දිය යුතු කාරණා ගණනාවක් තිබුණා. ඖෂධ, ඉන්ධන ආදිය ආනයනය සඳහා මුදල් වැය කිරීමට සිදුව තිබුණා.
ඒ, අවස්ථාවේ එවකට පැවති මැතිවරණ කොමිසම පළාත් පාලන ඡන්දය සම්බන්ධව නීතිපතිතුමාගෙන් උපදෙස් නොගෙන සාලිය පීරිස් මහතාගෙන් උපදෙස් ලබා ගත්තා. එය වැරදි ක්‍රියාවක් බව කිව යුතුයි. කෙසේ හෝ පසුව එහි සාමාජිකයින් ඉල්ලා අස් වුණා. අලුත් කණ්ඩායමක් පත් වුණා. ඒ අවස්ථාවේදී ද මා සත්‍ය ප්‍රකාශ කළා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට රටේ මුදල් නැති බව මා නැවත ප්‍රකාශ කළා.මේ ආකාරයට ක්‍රියා නොකර, ආර්ථිකය ගොඩ නැඟීම පසක තබා ඡන්දය පැවැත්වීමට මා ක්‍රියාකළා නම්, අද මේ රට පත්ව තිබෙන ඛේදනීය තත්ත්වය ගැන ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
එහෙම කළා නම් එදා රට තිබූණ තැනින් ගොඩ ඒමට හැකි වෙයිද? අස්වැසුමට සමෘද්ධිය මෙන් තුන් ගුණයක් මුදල් වෙන් කරන්න පුළුවන් වෙයිද? උරුමය සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න හැකි වෙයිද? එහෙම වුනා නම් මේ එකක්වත් අපට කරන්න හැකි වෙන්නේ නැහැ.
කෙසේ හෝ මේ අභියෝග මතින් ඉදිරියට පැමිණ රටේ ආර්ථිකය ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන ඒමට අපට හැකි වී තිබෙනවා. ඒ නිසාම අද ජනතාව අතේ මුදල් තිබෙනවා. මේ රටේ දුක් විඳින සාමාන්‍ය ජනතාවට යම් සහනයක් ලබාදීමට මට අවශ්‍ය වුණා. ඒ අනුව ඔවුන්ට අස්වැසුම ලබා දීමට කටයුතු කළා. සහල් කිලෝ දහය බැගින් ලබා දුන්නා. උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලැබුණා. මහල් නිවාසවල ජීවත් වන අයට නිවාස අයිතිය ලබා දෙනවා. ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන ද ආරම්භ කර තිබෙනවා.
විමධ්‍යගත අයවැය මඟින් බිම් මට්ට‍මේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් වෙන් කර දීමට අපට හැකි වුණා. මෙම ක්‍රියා මාර්ග නිසා ජනතාවට අද සහනයක් ලැබී තිබෙනවා.එදා රටේ විශාල පිරිසක් ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ ඡන්දය ලබා දෙන බවයි. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. ඒ අය අද වන විට හොයා ගන්නත් නැහැ. තවත් කොටසක් සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන බව ප්‍රකාශ කළා. අද ඔවුන් ද නිහඬයි. අප දියත් කළ ශක්තිමත් වැඩපිළිවෙල නිසා ඔවුන්ට ජනතාව අතරට යාමට නොහැකි වී තිබෙනවා. අප ඇතිකර තිබෙන බලවේගයට ඔවුන්ට මුහුණ දීමට නොහැකි වී තිබෙනවා.
ඊට ඔවුන් ළඟ පිළිතුරු නැහැ. නමුත් අපේ ව්‍යාපාරය තාම ආරම්භ කළා පමණයි.අද මෙහි රැස්ව සිටින ඔබ සියලු දෙනාට අසාධාරණයක් සිදුව තිබෙන බව අප පිළිගන්නවා. මේ සම්බන්ධව නීතිපතිතුමා සමඟ සාකච්ඡා කිරීමට අප සැලසුම් කර තිබෙනවා. කෙසේ හෝ එළඹෙන ඡන්දයෙන් පසු දැනට පනවා තිබෙන තහනම ඉවත් කිරීමට අප පියවර ගන්නවා. නාම යෝජනා භාර දී අවුරුද්දක් ගත වූ පසු නැවත ඡන්දය පැවැත්විය නොහැකියි. අලුත් අයට ද තරග කිරීමට අවස්ථාව දිය යුතුයි. 1988 ප්‍රාදේශීය සභා ඡන්ද සඳහා නාමයෝජනා භාරගත් අයුරු මට මතකයි. නමුත් ඒ කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල නිසා එම නාම යෝජනා සියල්ල අහෝසි කර අලුතින් නාමයෝජනා කැඳවනු ලැබුවා.
මේ අනුව අලුතින් ක්‍රියාකර ඔබ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීමට අප ඉදිරියේදී කටයුතු කරනවා. ප්‍රාදේශීය මට්ටමින් ජනතාව අතරට යෑමට ඔබට අද හොඳ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. එයින් ප්‍රයෝජන ගෙන ජනතාව අතරට ගොස් ඒ අය සමඟ සත්‍ය කතා කරන්න. අප පැමිණි කටුක ගමන ගැන ජනතාව තුළ තිබෙන අවබෝධය තවත් වැඩි කරන්න පියවර ගන්න. ඔබට එය කළ හැකියි.
ජනතා විමුක්ති පෙරමුණට හෝ සමඟි ජනබලවේගයට රටේ ප්‍රශ්න නිරාකරණය කර ජනතාවට යහපත් අනාගතයක් ගොඩනඟා දීමට පැහැදිලි වැඩපිළිවෙළක් හෝ දර්ශනයක් නැහැ. ඔවුන් ගෙන යන බොරුව දැන් ජනතාවට අවබෝධ වී තිබෙනවා. බොරුවෙන් රටක් ඉදිරියට ගෙනයන්න බැහැ. සිංගප්පූරුව, ජපානය වැනි රටවල් ඉදිරියට පැමිණි ආකාරයට ශ්‍රී ලංකාව දියුණු කරන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි. දේශපාලන ක්‍රමය රටට සුදුසු ආකාරයට ගොඩ නැඟිය යුතුයි. පක්ෂ කිහිපයක් තිබිය හැකියි. එහෙත් අරමුණ එකක් විය යුතුයි.
දේශපාලන පක්ෂ එකට වැඩ කරන අවස්ථා මෙන්ම වෙන්ව වැඩ කරන අවස්ථා තිබිය හැකියි. නමුත් එක රාමුවක එකට එකතු වී වැඩ කිරීමටද හැකි විය යුතුයි. අද මේ රටේ තවත් ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් හට රැකියා අවස්ථා ඇති කර දීමයි. එම කටයුතු අතර 25%ක් පමණ වන රටේ දිළිඳු ජනතාව ද අමතක කළ නොහැකියි. ජනතාව එම තත්ත්වයෙන් මුදවා ගැනීමට අප ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා විවිධ ආර්ථික වැඩසටහන් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කර ග්‍රාමීය මට්ටමේ තිබෙන දිළිඳු ජන සංඛ්‍යාව අඩු කිරිම සඳහා අප සැලසුම් සහගතව ක්‍රියා කළ යුතුයි.
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත අප මේ වන විට සම්මත කර තිබෙනවා. කාන්තා නියෝජනය වැඩි කිරීමට ද අප පියවර ගනු ලැබුවා. ඒ වගේම පළාත් සභා පැරණි ක්‍රමයට යා යුතු බවට එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රීතුමා යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. එම යෝජනාව සඳහා මගේ විරුද්ධත්වයක් නැති බව ප්‍රකාශ කළ යුතුයි. නමුත් එහිදීද කාන්තා නියෝජනය ඇතුළත් කළ යුතු බව අප දැනුම් දී තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ සහ සමඟි ජනබලවේගය මේ වන විට ජනාධිපතිවරණය වෙනුවෙන් තම සංවිධාන කටයුතු ආරම්භ කර මාස හයක් පමණ වනවා. වසරක් පමණ ඔවුන් දුවලා තිබෙනවා. ඔවුන් තවත් දිවිය යුතුයි. අපි වෙලාවට අපේ වැඩ කටයුතු ආරම්භ කරමු. මට කිසිම සැකයක් නැහැ අපි ජය ගන්නවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?