චීන ඇඟලුම් නිෂ්පාදනවලට ඇමෙරිකාවෙන් තවත් ‘බාල්දියක්’

චීනය පදනම් කරගත් අන්තර්ජාල වෙළෙඳපොළක් වන Temu හරහා විකුණනු ලබන ළමා නිමි ඇඳුම් නිසා දරුවන්ට “පිළිස්සුම් තුවාල ඇතිවීමේ අවදානමක්” ඇති කරන බව එක්සත් ජනපද ෆෙඩරල් ඒජන්සියක් නිවේදනය කර තිබෙනවා.

එක්සත් ජනපද පාරිභෝගික නිෂ්පාදන සුරක්ෂිතතා කොමිසම (CPSC), නිවේදනය කරන්නේ ඇඳුම් නිෂ්පාදන 18,620ක් දරුවන් සම්බන්ධ නිෂ්පාදන ප්‍රමිතීන් උල්ලංඝනය කර ඇති බවයි.

Temu හරහා අලෙවි කරන සියලු නිෂ්පාදන අදාළ ප්‍රමිතියෙන් තොර බව නිවේදනය උපුටා දක්වන විදෙස් මාද්‍ය වාර්තා කළා.

ෆෙඩරල් ඒජන්සිය පාරිභෝගිකයින්ට උපදෙස් දී ඇත්තේ අදාළ නිෂ්පාදන භාවිත කිරීම වහාම නතර කරන ලෙසයි.

පාරිභෝගිකයින් විසින් අදාළ ඇඟලුම් දෙකට කපා විනාශ කර දේශීය සහ රාජ්‍ය ප්‍රතිචක්‍රීකරණ නීතිවලට අනුකූලව බැහැර කළ යුතු බවට ද උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, නිෂ්පාදිතය සම්බන්ධයෙන් කිසිදු හානියක් වාර්තා වී නොමැති අතර, එම නිෂ්පාදන 2022 ඔක්තෝබර් සිට 2024 මැයි දක්වා Temu හරහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි වී ඇතැයි ද මාධ්‍ය වාර්තාවේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13