රුහුණු මාගම්පුර පළමුවරට කීරි සම්බා වී අස්වනු නෙලයි

රුහුණු මාගම්පුර ප්‍රථමවරට වගාකල කීරි සම්බා වගාවේ අස්වනු නෙලීම අද (20) දිනයේ ආරම්භ වුණා.

ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන්.

නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ මෙම කීරි සම්බා වී වගාව අඟුණුකොලපෑලැස්ස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හැලේකඩ ප්‍රදේශයේ කුඹුරු අක්කර 250ක ප්‍රමාණයක වගාකර තිබෙනවා.