AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවාහන ඇමතිගෙන් දුම්රිය සේවකයින්ට රතු එළියක් (වීඩියෝ)

දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

හැටන් දුම්රිය ස්ථනය සතු භූමියේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල දුම්රිය දෙපාර්තුමේන්තුවේ අදායම් උපයා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට අද (20) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

” මීට පස්සේ දුම්රිය වර්ජන නෑ, දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙන්නේ. දුම්රිය ක්ෂෙත්‍රය සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතිනවා නම් ඒක සාකච්ඡා කළ යුතුයි. එහෙම නැතුව ජනතාව පීඩාවට පත්වන ආකාරයෙන් වර්ජනය කළහොත් රැකියාව අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරනවා. ලංකාවේ නීතියට ගරු නොකිරිම මත රටේ නීතියට අපි සියළු දෙනා ගරු කරන්න අවශ්‍යයි, එහෙම නැතුව රාජ්‍ය සේවය කරන්න බෑ, දුම්රියන් නිරතන්තරයෙන් පීලි පැනීම සම්බන්ධයෙන් නිලධාරින්ට කරන්න දෙයක් නෑ, දුම්රිය දෙපාර්තුමේන්තුව කාලයක් තිස්සේ අලාභ ලබනවා, පවතින ආර්ථික අර්බුධයත් එක්ක.දුම්රියන්, දුම්රිය පීලි ඇතුළු දේවල් අරගෙන තියෙන්නේ දේශිය සහ විදේශිය ණය අරගෙන, ගත්ත ණය ගෙවන්නේ නැතුව ණය දෙන්නේ නැ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?