ප්‍රවාහන ඇමතිගෙන් දුම්රිය සේවකයින්ට රතු එළියක් (වීඩියෝ)

දුම්රිය සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක නියැලුණහොත් එම සේවකයින් සේවය අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

හැටන් දුම්රිය ස්ථනය සතු භූමියේ නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල දුම්රිය දෙපාර්තුමේන්තුවේ අදායම් උපයා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට අද (20) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

” මීට පස්සේ දුම්රිය වර්ජන නෑ, දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙන්නේ. දුම්රිය ක්ෂෙත්‍රය සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතිනවා නම් ඒක සාකච්ඡා කළ යුතුයි. එහෙම නැතුව ජනතාව පීඩාවට පත්වන ආකාරයෙන් වර්ජනය කළහොත් රැකියාව අත්හැර ගියා සේ සලකා රැකියාවෙන් ඉවත් කරනවා. ලංකාවේ නීතියට ගරු නොකිරිම මත රටේ නීතියට අපි සියළු දෙනා ගරු කරන්න අවශ්‍යයි, එහෙම නැතුව රාජ්‍ය සේවය කරන්න බෑ, දුම්රියන් නිරතන්තරයෙන් පීලි පැනීම සම්බන්ධයෙන් නිලධාරින්ට කරන්න දෙයක් නෑ, දුම්රිය දෙපාර්තුමේන්තුව කාලයක් තිස්සේ අලාභ ලබනවා, පවතින ආර්ථික අර්බුධයත් එක්ක.දුම්රියන්, දුම්රිය පීලි ඇතුළු දේවල් අරගෙන තියෙන්නේ දේශිය සහ විදේශිය ණය අරගෙන, ගත්ත ණය ගෙවන්නේ නැතුව ණය දෙන්නේ නැ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56