මන්ත්‍රී අලි සබ්රි රහීම් අත්අඩංගුවට

පසුගියදා වරෙන්තු නිකුත් කර තිබූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය පොලීසිය විසින් මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අත්අඩංගුවට ගැනුණු මන්ත්‍රීවරයා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.