අසාධ්‍ය රෝගියෙකුගේ ජීවිතය බේරගන්න දොස්තරකම පැත්තක දමා ගිලන් රථ රියදුරෙකු වූ දොස්තර

ප්‍රදේශයේ ධානපතියකු විසින් පරිත්‍යාග කරන ලද විශාල ඉඩමක මෙම රෝහලට අවශ්‍ය ගොඩනැඟිලි ඉදිකර තිබෙන්නේ ප්‍රදේශයේ ධානපතියන්ගේ ධන පරිත්‍යාගයෙනි. ඒ මෙයට වසර හතළිස්පහකට පමණ ඉහතදීය.

වර්තමානයේ මෙම දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කරනු ලබන්නේ දොස්තර ප්‍රසන්න විජේසිංහ මහතාය.

මේ වන විට වසර විස්සක සේවා කාලයක් පසුකොට ඇති විජේසිංහ මහතා ලංකාවේ විවිධ පළාත්වල සේවය කොට අත්දැකීම් රාශියක් ලබා ඇති හිත හොඳ වෛද්‍යවරයෙකි. ප්‍රසන්න විජේසිංහ මහතා හැර තවත් වෛද්‍යවරුන් අටදෙනෙක් ද හෙදියන් එකොළොස් දෙනෙක් ද මෙම රෝහලේ සේවයේ යෙදී සිටිති.

ඉකුත් 11 වැනි දින පෙරවරු දහයට පමණ මෙම රෝහල වෙත රෝගියෙකු රැගෙන ආවේය. උදර ආබාධයකින් පෙළුණු එම රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයාගේ නිගමනය වූයේ රෝගියාට නේවාසික ප්‍රතිකාර ලබාදිය යුතුය යන්නය. ඒ අනුව රෝගියා අංක 12 දරන වාට්ටුවට ඇතුළුකොට ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී තිබේ.

මේ අතර සවස දෙකට පමණ රෝහලේ දිසා වෛද්‍ය නිලධාරි ප්‍රසන්න විජේසිංහ මහතාගේ දුරකථනය නාද වන්නට විය. ඒ දුරකථන පණිවුඩය ලැබුණේ වාට්ටු අංක 12 සේවයේ යෙදී සිටි වෛද්‍යවරියගෙනි. වෛද්‍යවරිය කියා සිටියේ වාට්ටු අංක 12 නේවාසිකව ප්‍රතිකාර ලබන එම්.එල්.ආනන්ද (59) නැමැති රෝගියාට අමාරු බවය.

එසැණින් වාට්ටු අංක 12 වෙත ගිය විජේසිංහ දොස්තර මහතාට දැකගත හැකි වූයේ වාට්ටුවේ වැසිකිළිය දෙස සිට රෝහල් උපස්ථායකයකු හා තවත් කාන්තාවක් විසින් වත්තම් කරගෙන රෝගියාගේ ඇඳ වෙත රැගෙන ආ රෝගියා එක්විටම බිම දිගාවන බවය. රෝගියා වහා ඇඳ මතට ගත් පසු විජේසිංහ දොස්තර මහතා ඔහු පරීක්ෂා කර බැලුවේය. ඔහුට රෝහලින් ලබා දිය හැකි ප්‍රතිකාර වහා ලබා දුන්නේය. රෝගියා රෝහලට නුදුරින් පදිංචිකරුවකු නිසා ඔහුගේ ඥාතීන් මෙන්ම හිතවත්තු ද වහා රෝහල වෙත පැමිණියහ.

“අනේ දොස්තර මහත්තයෝ ලෙඩාට අමාරුයි නේද? ලෙඩා කරාපිටියට හරි බලපිටියට හරි යවන්න. රෝගියාගේ බිරිය හා ඥාතීන් කීපදෙනෙක් වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර රෝහල් මට්ටමින් ලබාදුන් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා රෝගියා බලපිටිය‍ රෝහල වෙත මාරු කිරීමට තීරණය කළේය.

“මම ඒ වගේ තීරණයක් ගත්තේ රෝගියාගේ රෝගී තත්ත්වය අනුවයි. මම එහෙම නොකළ නම් රෝගියාගේ ජීවිතය ගැන වගකියන්න වන්නේ මටයි. ඒ නිසා බලපිටිය රෝහල වෙත යැවීමට කටයුතු කරන ලෙස රෝහලේ කාර්ය මණ්ඩලයට මා දන්වා සිටියා.”

“ඊට මොහොතකට පසු ගිලන් රථයේ රියදුරා රෝහලේ නොමැති බව රෝහල් ‍සේවකයින්ගෙන් මට දැනගන්නට ලැබුණා. දැන් කළ යුතු එකම දෙය රෝගියා රැගත් ගිලන්රථය මම පදවාගෙන යන එකයි කියල මට හිතුණ. මම ඒ බව ගාල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තැනට දන්වා ඊට අනුමැතිය ලබාගත්තා.

ඒ සැණින් මම ලෙඩාව රැගෙන බලපිටිය රෝහල වෙත ගියා. ගිලන් රථයේ සහායකයාත්, හෙදියකුත්, රෝහලේ උපස්ථායකයකුත් ගිලන් රථයේ ගමන් කළා. ගිලන් රථය මා පදවාගෙන එනු දුටු බලපිටිය රෝහලේ සේවකයිනුත් පිටස්තර අයත් ගිලන් රථය අසළට පැමිණියා. එතැන සිටි සමහර අය තම දුරකථන කැමරාවලින් රූගත කරනු මා දුටුවා.
මම ගිලන් රථය පදවාගෙන නැවත අම්බලන්ගොඩ රෝහලට යන විටත් මාධ්‍යවේදීන් කීප දෙනකු රෝහලට පැමිණ සිටියා යැයි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ප්‍රසන්න විජේසිංහ මහතා මා සමඟ පැවසුවේය.

අම්බලන්ගොඩ දිසා රෝහලේ වෛද්‍ය රසායනාගාර පහසුකම්, එක්ස්රේ හා ස්කෑන් ලබාගැනීම ආදී පහසුකම් නැති බවත් අලුත්ම ගිලන් රථයක් ඇති අතර ඒ සඳහා එක් ගිලන්රථ රියදුරෙක් සිටින බවත් දැනගන්නට ලැබුණි.

මෙම ගිලන්රථ රියදුරා පැය විසිහතර පුරාම සේවයේ යොදවා සිටින අතර දිනකට පැය දහසයක් අතිකාල දීමනා ලබා දෙන බවත් ඔහුට නතරවී සිටීමට රෝහලේ පහසුකම් සලසා ඇති බවත් රෝහල් බලධාරීහු පැවසූහ.

කෙසේ වෙතත් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ප්‍රසන්න විජේසිංහ මහතා සිය තනතුර ගැන නොසලකා අසරණ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගත් මෙම ක්‍රියාමාර්ගය බොහෝ දෙනකුගේ ප්‍රසාදයට ලක්වී තිබේ. වෛද්‍යවරුන් බොහෝ දෙනකු හඳුන්වන්නේ දෙවිවරුන් හැටියටය. ඒ අතර අහිංසක රෝගීන් ගැන නොසලකා මුදල් ගැනම සිතන වෛද්‍යවරුන් ද අප සමාජයේ නැතිවා නොවේ. එවන් යුගයක වෛද්‍ය ප්‍රසන්න විජේසිංහ මහතා ආදර්ශවත් වෛද්‍යවරයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
77
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09