අල්ලස් ගැනීම්, දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලඥයින් 80 දෙනෙකුට විරුද්ධව විමර්ශන පවත්වන බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන බව අද පත්තරේ වැඩසටහනේදී අනාවරණය කළා.
චෝදනා එල්ල වී ඇති මෙම දේශපාලඥයින්ගෙන් වැඩිදෙනෙකු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන් යැයි කොමිසමේ නිලධාරියෙකු සඳහන් කර ඇති බවද එහිදී වාර්තා කළා.
මේ අතර අල්ලස් කොමිසමට දැනට වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් බවද එම කොමිසම සඳහන් කර තිබුණා.
ලැබී ඇති පැමිණිලි අනුව අල්ලස් ගැනීම් වැඩියෙන් සිදුවන ආයතන අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව , ප්‍රාදේශීය ලේකම් කාර්යාල පොලිසිය හා රේගුව ප්‍රමුඛස්ථානයක් ගන්නා බවද සඳහන් .
උපුටා ගැනීම – ලංකාදීප පුවත්පත














