කොහුවල ගුවන් පාලම ජනතා අයිතියට

කොහුවල මංසන්ධියේ ඉදිකළ ගුවන් පාලම අද (17) විවෘත කෙරුණා.

ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

කොහුවල මංසන්ධියේ පැවති අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස හංගේරියානු ආධාර මත ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මෙම ගුවන් පාලම ඉදිකරනු ලැබුවා.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා.