AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් ස්ථානයක් තුළ දී පුතා මවට ගිනි තබයි

පුත්‍රයෙකු විසින් පොලිස් ස්ථානයක් තුළ දී සිය මවට ගිනි තැබූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලිස් ස්ථානයක් තුළ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඉඩමක් සම්බන්ධයෙන් පවුල තුළ ඇති වූ ආරවුලක් මත එය විසඳා ගැනීම සඳහා මෙම මව සහ පුත්‍රයා ඊයේ (16) දිනයේ පොලිසියට වෙත කැඳවා ඇති බව සඳහන්.

එලෙස පැමිණි අවස්ථාවේ දී පුත්‍රයා විසින් මෙලෙස සිය මවට පෙට්‍රල් දමා ගිනිතබා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලිස් නිලධාරීන් මැදිහත්ව ගින්න නිවීමට කටයුතු කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් ද පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

මේ අතර සිය මවට ගිනි තැබීමේ පසු එය සැකකාර පුත්‍රයා විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

පිළිස්සුම් තුවාල ලබා සිටි හෙම්ලතා නැමති කාන්තාව වහාම රෝහල් ගත කිරීමටයි කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතකළ එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් 22 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
0
+1
12
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?