ඕස්ට්‍රේලියාවේ දී රසට උයා ලොවක් දිනූ අපේ කෙල්ල දිවයිනට (ඡායාරූප)

ඕස්ට්‍රේලියාවේ පැවති 2024 ‘මාස්ටර් චෙෆ්’ ඉවුම් පිහුම් තරගාවලියේ තෙවන ස්ථානය දිනාගත් සවින්ද්‍රි පෙරේරා ඊයේ (16) දිවයිනට පැමිණ තිබෙනවා.

ඇය ඊයේ (16) රාත්‍රීයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 605 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි බවයි දසත ගුවන් තොටුපොළට වාර්තාකරු සඳහන් කළේ.

ලෝකය පුරා බොහෝ පිරිසකගේ අවධානයට යොමු වූ ඕස්ට්‍රේලියානු ‘මාස්ටර් චෙෆ්’ තරගාවලිය මෙම වසරේ අප්‍රියෙල් මස සිට පසුගිය 15 වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් සම්බන්ධ කරගනිමින් පැවැත් වුණා.

එහිදී ශ්‍රී ලංකාවේ සවින්ද්‍රි පෙරේරාට තුන්වන ස්ථාන දිනා ගැනීමට හැකියාව ලැබුණා.

එම ජයග්‍රහණයෙන් පසු මෙරට වෙසෙන ඇයගේ පවුලේ ඥාතීන් හමුවීමට සවින්ද්‍රි මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

“මට මේ ඕස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ දී ජයග්‍රහණය සඳහා මාවත සකස් කර දුන්නේ ශ්‍රී ලංකාවේ ආහාරපාන. මෙම තරගාවලියේ දී විශේෂයෙන්ම මම ශ්‍රී ලංකාවේ කිරිබත්, කළුපොල් මාලුව, මාළු මිරිසට හොදි සමඟ මෙන්ම සීනි සම්බෝල ද සකස් කර ඉදිරිපත් කළා. මම මෙම ආහාර සඳහා ශ්‍රී ලංකාවේ කුළුබඩු භාවිත කළා. ඒ නිසා ලෝකයේ අනෙකුත් තරගකාරී සූපවේදීන් පරදා මෙම තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගැනීමට හැකි වුණා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51
Video thumbnail
වැල්ලවායේ කඳු පංතියක හදිසියේම හටගත් විශාල ගින්න - අක්කර පනහකට වඩා විනාශයි
01:29
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද? - සර්ගේ වරද එතකොට ?අපි බයවෙයි ඔයාලට
05:26
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක්
01:24
Video thumbnail
හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ?
01:24